ජනපති අද ටජිකිස්ථානයට

2019-06-13 at 06:41

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිළ සංචාරයක් සදහා අද ටජිකිස්ථානය බලා පිටත්ව යනවා.

චීනයේ ෂැංහයි කෝපරේෂන් ආයතනය කලාපයේ ගැටලු සාකච්ඡා කිරීම වෙනුවෙන් සංවිධාන කරන සමුලුවකට සහභාගීවීමයි එහි අරමුණ වන්නේ.

චීනය / රුසියාව ඇතුලු ප්‍රධාන පෙළේ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් ද මෙම සමුලුවට සහභාගී වීමට නියමිතයි. ඔවුන් සමග ජනාධිපතිවරයා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ.

සමුලුව හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි.