ජනපති ඡන්දෙන් ජවිපෙ ඉවත්වීම ඇගට ගුණයි

2019-08-16 at 12:15

රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ බලවේගයක් ඇති බවට වන පණිවිඩය ජනතාවට දැනුම්දීම සඳහා ජනාධිපති අපේක්ෂකයා කඩිනමින් නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගත යුතු බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පෙන්වා දෙනවා.

මෙවර ජනාධිපතිවරණයේදීද තම සහය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයට හිමිවන බවයි නිවුස් රේඩියෝවට අදහස් දක්වමින් වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත්කිරීමට ගෙන ඇති තීරණය පිළිබඳවද වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙහිදී අදහස් දැක්වුවා.

ඔහු පෙන්වා දුන්නේ පවතින දේශපාලන තත්වය අනුව ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණ සටනින් ඉවත්වීම වඩාත් හිතකර බවයි.