ජනාධිපති චේතනාන්විතව රජය අකර්මන්‍ය කරන බවට හෙල උරුමයෙන් චෝදනාවක්

2019-06-12 at 18:30

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් චේතනාන්විතව රජය අකර්මන්‍යය කිරීමේ වගකීම් විරහිත ක්‍රියාවක නිරත වෙමින් සිටින බවට ජාතික හෙල උරුමය චෝදනා කරනවා.

එහි මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළීබද තේරීම් කාරක සභාව පදනම් කර ගනිමින් පාර්ලිමේන්තුව සහ ආන්ඩුව සමග යළිත් වරක් ව්‍යවස්ථාමය ගැටුමක් ඇති කර ගැනීමට ජනාධීපතිවරයා උත්සහ දරන බවයි.

සතියකට වරක් පැවැත්විය යුතු කැබිනට් මණ්ඩල රැස්වීම නොපැවැත්වීම මගින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිධූරය සතු බලතල අයුතු අයුතුලෙස භාවිත කරන බවත් එය 2015 වසරේදී ලබා දුන් ජනවරමට එල්ල කළ අතුල් පහරක් බවත් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නා.

ජාතික හෙල උරුමයේ උප සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරුනාරත්න පරණවිතාන මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

Please follow and like us: