ටෙනී දැයෙන් සමුගනී

2020-10-01 at 18:28

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.

ඒ මොරටුව මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදීයි.

රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වුණේ පසුගිය සඳුඳායි.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණු අද දිනයේදී කළාකරුවන් ඇතුලු ඔහුට ආදාරය කරන විශාල පිරිසක් එක්ව සිටියා.