ඩෙංගු රක්තපාත තත්වයට පත්විය හැකි රෝගීන් හදුනාගැනීමට අලුත් සොයාගැනීමක්
2020-12-24 at 06:42

ඩෙංගු රක්තපාත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර ඊට ගොදුරුවිය හැකි රෝගීන් හඳුනා ගත හැකි ජෛව සලකුණු කාරකයක් කැලණිය විශ්ව විද්‍යාලයීය පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන තිබෙනවා.
ඩෙංගු උණ වැළදුණු පුද්ගලයින්ගෙන් ඉතා කුඩා ප්‍රතිශතයක් පමණක් දරුණු ඩෙංගු රක්තපාත උණ රෝගයට ගොදුරු වනවා.
රෝගය වැළදුණු මුල් කාලයේදී ඩෙංගු උණ රෝගීන් සහ ඩෙංගු රක්තපාත තත්ත්වයක් ඇති විය හැකි රෝගීන් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ.
මේ හේතුවෙන් සියලූ ඩෙංගු රෝගීන් රෝහල් ගත කොට ඔවුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කළ යුතු වනවා.
මේ හේතුවෙන් ඩෙංගු රෝගය වැඩියෙන් වාර්තා වන කාලයන් හිදී රෝහල් ධාරිතාව ඉක්මවා යාමේ තර්ජණයක්ද පවතිනවා.
කෙසේවෙතත් මෙම නවක ජෛව සලකුණු කාරකය භාවිත කර ඩෙංගු රක්තපාත ලක්ෂණ පෙන්නුම් කිරිමට පෙර එම රෝග තත්ත්වය ඇති විය හැකි රෝගීන් හඳුනාගෙන රෝහල් ගත කර නිසි ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි බවයි කැලණිය විශ්ව විද්‍යාලයීය පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ.
