ණය ගෙවන්න රජය මුදල් අච්චු ගහන්න පටන්ගෙන – ටිල්වින්

2021-01-14 at 06:59

මෙරට ණය ගෙවීම සඳහා වර්තමාන රජය විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ගලේවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකට ඊයේ සහභාගි වූ අවස්ථාවේදීයී.

මෙරට සම්පූර්ණ ණය රුපියල් බිලියන 15 දහසක් පමණ ඇති බවත් ඉන් සියයට හතළිස් අටක් පමණ විදේශ ණය බවත් ඔහු සඳහන් කළා.