තවත් ආසාදිතයින් 42 ක් – මිනුවන්ගොඩ පොකුර 2,000 පනී

2020-10-17 at 19:03

මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 42 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද 20 දෙනෙකු ආශ්‍රිතයන්ද ලෙස හඳුනාගෙන ඇතැයි සඳහන්.

මේ අනුව මිනුවන්ගොඩ කොවිඞ් පොකුර මේ වනවිට 2014 දක්වා ඉහළ යනවා.

අද දිනයේදී මිනුවන්ගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාධිතයන් ගණන 115 ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 5469 ක්.

ඒ අතරින් 3395 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර 2061 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.