තවත් ආසාධිතයන් 257 ක් | දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 16,000 ඉක්මවයි

2020-11-21 at 18:18

දිවුලපිටිය – පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් තවත් ආසාධිතයන් 257 ක් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 16 දහස ඉක්මවා යන අතර මේ වනවිට එය පවතින්නේ 16 දහස් 022 ක් ලෙසයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 19 දහස් 537 ක් බවට පත්වනවා.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 319 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 13 දහස් 590 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5873 ක්.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 480 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 74 ක් වාර්තා වී තිබෙනවා.