තවත් ආසාධිතයන් 294 ක් – මෙරට මුලු ආසාධිතයන් 21,000 පනී

2020-11-25 at 18:10

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 294 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 17 දහස් 730 දක්වා ඉහළ යනු ඇති.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 21 දහස් 261 දක්වා වැඩි වනවා.

මේ අතර තවත් 485 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15 දහස් 447 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5720 ක්.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 577 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 94 ක් වාර්තා වී තිබෙනවා. – රංගන