තවත් ආසාධිතයන් 342 ක් – මිනුවන්ගොඩ/පෑලියගොඩ පොකුර 18,000 පනී

2020-11-26 at 18:25

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාධිතයන් 342 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

මේ අනුව මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඞ් පොකුර 18 280 දක්වා ඉහළ යනු ඇති.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 21 811 දක්වා වැඩි වනවා.

මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 369 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 15 දහස් 816 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 5899 ක්.

මෙරට සිටින සැක සහිත රෝගීන් ගණන 650 ක්.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඞ් මරණ 96 ක් වාර්තා වී තිබෙනවා.