තවත් කොරෝනා ආසාදිතයින් 732කට සුවයි – සුවය ලැබූ මුලු සංඛ්‍යාව 75,842 දක්වා ඉහළට

2021-02-23 at 15:47

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 732 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 75 දහස් 842 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 4225 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 518 දෙනෙකු වාර්තා වුණා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 80 දහස් 517 ක්.

මෙරට රෝහල් ගතව සිටින සැක සහිත රෝගීන් ගණන පවතින්නේ 559 ක් ලෙසයි.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 450 ක් වාර්තා තිබෙනවා.