තවත් 03 කට සුවයි – සුවය ලැබූ මුලු ගණන 3233 ක්

2020-10-01 at 13:11

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 03 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 3233 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ දිනයේදී වැලිකන්ද රෝහලේ සිටි 02 දෙනෙකු හා හම්බන්තොට රෝහලේ සිටි 01 අයෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් 06 දෙනෙකු වාර්තාවුණා. ඒ අනුව මුලූ ආසාධිතයන් ගණන 3380 දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත ආසාධිතයන් අතුරින් විදේශිකයන් 23 දෙනෙකු ඇතුලූ 134 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයන් අතුරින් 1395 දෙනෙකු වෛරසය ආසාධිතයන් බවට හඳුනාගෙන අවසන්.

මෙරට රෝහල්වල සිටින තහවුරු කර නොගත් සැක සහිත රෝගීන් ගණන 49 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.