තවත් 70 ක් රෝහල්වලින් යයි – සුවය ලැබූ ගණන 3714 තෙක් ඉහළට

2020-10-24 at 14:14

coronavirus recoveries

මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 70 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 3714 දක්වා ඉහළ යනු ඇති.

දැනට මෙරට රෝහල් 27 ක ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 3424 ක්.

ගතවූ පැය 24 තුළ ශ්‍රී ලංකාවෙන් ආසාධිතයන් 866 දෙනෙකු වාර්තා වූ අතර 15 වන කොරෝනා මරණයද අද පෙරවරුවේ සටහන් වුණා.

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 3682 දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරටින් වාර්තාවන සමස්ත ආසාධිතයන් ගණන පවතින්නේ 7153 ක් ලෙසයි.

මෙරට රෝහල්වල සිටින සැක සහිත රෝගීන් ගණන 481 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.