ත්‍රස්ත ප්‍රහාරයෙන් නූලෙන් බේරුණ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම

2019-03-15 at 17:22

නවසීලන්තයේ ක්‍රයිසිට්චර්ච් හිදී ඉස්ලාමීය දේවස්ථානයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වන අවස්ථාෙදිී බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් යාර 50 කට ආසන්න කලාපයක රැඳී සිටි බව කණ්ඩායමේ කළමනාකරු කලීඩ් මශුද් පවසනවා.

ඔහු සඳහන් කළේ තවත් විනාඩි කිහිපයක් ඇතුලත ක්‍රීඩකයින් දේවස්ථානයට යාමට නියමිතව තිබුණු බවයි. එබැවින් දරුණු ව්‍යසනයකින් බේරීමට බංගලිදේශ කණ්ඩායමට හැකි වු බව කළමනාකරු පෙන්වා දෙනවා.

ප්‍රහාරයෙන් බේරී හෝටලයට ගිය ක්‍රීඩකයින්ගෙන් ඇතැමුන් එහිදී කම්පනයෙන් හඩා වැටුනු බවද ඔහු සඳහන් කළා.

එක් දින හා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභෘගී වීම සඳහායි බංගලිදේශ පිල නවසීලන්තයට ගොස් තිබුණේ. දෙරට අතර තුන් වන හා අවසන් ටෙස්ට් තරගය හෙට ක්‍රයිස්ට්චර්ච් හිදී ආරම්භ වීමට නියමිතව තිබුණා. එහෙත් මේවන විට එය අවලංගු කර තිඛෙනවා.

බංගලිදේශ පිල කඩිනමින් නැවත සියරට බලා යාමට නියමිතයි. නවසීලන්තයේ ක්‍රයිසිට්චර්ච් හි ඉස්ලාමීය දේවස්ථාන දෙකකට අද එල්ලවු මෙම සන්නද්ධ ප්‍රහාරයෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගියා. තුවාල ලැබු සංඛ්‍යාව 48 ක්.

සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

ඔවුන්ගෙන් අයෙකු සහ තවත් සැකකරුවන් තුන්දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන පුද්ගලයා ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු බවට හඳුනාගෙන තිඛෙනවා.

අත්අඩංගුවට පත් වුවන් අතර ඔහු සිටින්නේද නැද්ද යන්න් පිළිබඳ නවසීලන්ත පොලීසිය මෙතෙක් තහවුරු කර නැහැ.

Please follow and like us: