ත්‍රිකුණාමලය මධ්‍යම මත්ස්‍යය වෙළද සංකීර්ණයත් වසා දමයි – ආසාධිතයින් 04 ක්

2020-10-24 at 12:03

ත්‍රිකුණාමලය මධ්‍යම මත්ස්‍යය වෙළද සංකීර්ණය තාවකාලිකව වසා දමා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවුස් රේඩියෝ කළ විමසීමකදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සයෝලී පවන් මහතා පැවසූවේ මත්ස්‍යය වෙළද සංකීර්ණයේ සේවය කළ සේවයකයින් 04 දෙනකු කොරෝනා ආසාධිිතයින් ලෙස හදුනා ගැනීමත් සමග මෙම තීරණය ගෙන ඇති බවයි.

පසුගියදා මෙම වෙළඳ සංකීර්ණයේ පුද්ගලයින් 39 දෙනකුගෙන් ලබාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් සේවකයින් 04 දෙනකු ආසාධිතයන් ලෙස අද දිනයේදී තහවුරු වී ඇති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.