ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අද සිට

2019-03-16 at 07:05

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ආරම්භ වනවා.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙනුයි අද සිට ලබන 23 වනදා දක්වා කාලය එම සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

අදට යෙදී ඇත්තේ පොලිස් වසම් මට්ටමින් දීප ව්‍යාප්තව පිණ්ඩපාත පිංකම් හා විදේශයන්හී ශ්‍රී ලාංකික විහාරස්ථාන පදනම් කර ගනිමින් විවිධ ආගමික වැඩසටහන් පැවැත්වීමයි.

තෝරාගනු ලැබූ විහාරස්ථාන 226 ක දහම් පාසල් ශාලා ඉදිකිරීමේ වැඩසටහන හෙටට යෙදී තිඛෙනවා.

මාර්තු 18 වනදා සඳුදා දීප ව්‍යාප්තව පාසල් හා පිරිවෙන් පදනම් කරගත් ආගමික වැඩසටහන් මාලාවක්ද / ලබන අගහරුවාදා රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම් කරගෙන විවිධ වැඩසටහන්ද පැවැත්වීමට නියමිතයි.

ත්‍රිපිටකාභිවන්දනා සතියේ මාර්තු 20 වනදා වෙන් කර ඇත්තේ ජනපති සදහම් යාත්‍රා වැඩසටහන සඳහායි.

එදිනට දිවයින පුරා විහාරස්ථානවල ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් විවිධ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම මාර්තු 21 වන බ්‍රහස්පතින්දා ජනාධිපති කාර්යාලය සහ සියලු ආණ්ඩුකාර කාර්යාල එක්ව දානමය වැඩසටහනක් සංවිධාන කර තිඛෙන අතර මාර්තු 22 වනදා සිකුරාදා සියලු රාජ්‍ය ආයතන වල දානමය පුන්‍යකර්ම ඇතුලු විවිධ වැඩසටහන් පැවත්වීමට නියමිතයි.

ති්‍රපිටකය ලෝක උරුමයක් බවට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝස්තවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 23 වනදා ශ්‍රී දළදා මාළිගාවේ මහ මලුවේදී පවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය නිමාවට පත්වනවා.

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය තුලදී සෑම බෞද්ධ නිවසකම / ආයතනයකම හා රථවාහනවල බෞද්ධ කොඩියක් ප්‍රදර්ශනයට පියවර ගන්නා ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Please follow and like us: