ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතියේ පස්වන දිනය අද

2019-03-21 at 06:01

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතියේ පස්වන දිනය අදයි.

වැඩසටහන් පෙල ගැස්ම අනුව අදට යෙදී ඇත්තේ ජනාධිපති කාර්යාලය සහ සියලු ආණ්ඩුකාර කාර්යාල එක්වී පවත්වන දානමය වැඩසටහන් පැවැත්වීමයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට සමගාමීවයි මෙම ත්‍රිපිටකාභිවන්දනා සතිය ක්‍රියාවට නැංවෙන්නේ.

අනිද්දා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවැත්වෙන ජාතික මහෝත්සවයෙන් අනතුරුව ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය නිමාවට පත් වීමට නියමිතයි.

මීට සමගාමීව ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය පුණ්‍ය භූමියේ ඊයේ ධාතු ප්‍රදර්ශණයක්ද ආරම්භ කෙරුණා.