දංකොටුවෙන් හමුවු පොල්තෙල් පරීක්ෂාවට ආයතන 3 කට යවයි

2021-04-08 at 10:12

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබි පසුගියදා සොයාගත් ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් බවුසර් දෙකේ අඩංගු තෙල් සාම්පල පරීක්ෂාව සදහා රජයේ ආයතන 03 ක් වෙත යොමු කර තිඛෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය / රජයේ ආහාර පාළක හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යන ආයතන 3 වෙතයි ඒවා යොමු කර ඇත්තේ.

ඒවායේ ප්‍රතිඑළ කඩිනමින් ලැඛෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ.