දකුණු කොරියාවේ බල්ලන් සහ බළලුන්ද කොවිඩ් පරීක්ෂණවලට

2021-02-09 at 10:02

සෝල් අගනුවර සුනඛයන් සහ බළලුන්ද කොවිඩ් පරීක්ෂණවලට ලක්කිරීමට දකුණු කොරියානු බළධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඔවුන් රෝග ලක්ෂණ පහළ කලහොත් පමණක් පරීක්ෂණවලට ලක් කෙරෙන බවයි එරට වාර්තා කියාසිටියේ.

දකුණු කොරියාවේ බළලෙකුටද කොවිඩ් වෛරසය ආසාධනය වී ඇතැයි හඳුනාගැනීමත් සමග එරට බළධාරීන් මෙම පියවර ගෙන තිබෙනවා.

කිසියම් අයුරකින් පරීක්ෂාවට ලක් කෙරෙන සුරතලෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි අනාවරණය වුවහොත් නිවාස නිරෝධායනයට යොමු කිරීමට නියමිතයි.

එහෙත් සත්වයාගේ හිමිකරුද රෝහල්ගතව සිටී නම් සුනඛයා හෝ බළලා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරෙනු ඇති.