දකුණු මුහුදේ සැකකටයුතු යාත්‍රාවේ 09 ක් නාවික භාරයට

2019-07-12 at 08:34

ගාල්ලට දකුණු මුහුදේ තිබියදි හමුවු සැකකටයුතු යාත්‍රාවේ සිටි පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබුනේ ඊයේ දිනයේදියි.

මෙම යාත්‍රාවෙහි ලියාපදිංචි රටක ධජයක් හෝ සළකුණක් නොතිබූ බවයි නාවික හමුදාව සඳහන් කලේ. නාවික හමුදවා භාරයට ගත් අදාල පුද්ගලයන් 9 දෙනා ශ්‍රී ලාංකිකයන් නොවන බවට අනාවරණ වි ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතින් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා නිව්ස් රේඩියෝවට සදහන් කලේ.

මෙම ධිවර යාත්‍රාවේ තිබි සොයගැණුනු මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 60 කට ආසන්නයි.

නාවික හමුදාව සැක පළකරන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 4 දෙනෙකුද සමග පෙරේදා අත්අඩංගුවට පත්වූ ලාංකික බහුදින ධීවර යාත්‍රාව සහ ඊයේ නාවික හමුදා භාරයට ගත් විදේශීය යාත්‍රාව අතර කිසියම් සබඳතාවයක් ඇති බවටයි.

මේ අතර වලංගු ධිවර අවසරපතක් නොමැතිව ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 9 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට පුත්තලම කළපු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සියලු දෙනා කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් වයස අවුරුදු 22 – 58 යන වියේ පසුවනවා.

සැකකරුවන් භාවිත කළ ඩිංගි බෝට්ටු 04 ක් / පිටත දහන යන්ත්‍ර 04 ක් / තහනම් ධිවර දැල් 04 ක් හා අල්ලන ලද මසුන් කිලෝ 51 ක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

Please follow and like us: