දඩාවතේ ගිය බල්ලා භයානක අපරාධයක් වළක්වයි

2020-02-07 at 16:11

සුනඛයෙකු කළ වීරක්‍රියාවක් හේතුවෙන් භයානක අපරාධයක් වැළකී ගොස් තිබෙනවා.

එම පුවත වාර්තාවන්නේ මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශයෙන්.

මාර්ගයේ ගමන් කළ සුනඛයෙකු කිසියම් බෑගයක් කටින් සපාගෙන එන ආකාරය මාර්ගයේ ගමන් කළ පොලිස් නිළධාරියෙකු දැක තිබෙනවා.

පසුව එම බෑගය පිළිබඳ සැක සිතූ පොලිස් නිළධාරියා එය පරික්ෂාවට ලක් කිරීමේදී ඒ තුල තිබී ගිණිඅවියක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විශේෂ විමර්ශණයක් ආරම්භ කළ අතර සුනඛයා ගැවසුනු ප්‍රදේශය අවට නිවෙස්වල සවිකර ඇති සී සී ටී වි පද්ධති පරික්ෂාවට ලක් කිරීමට පොලිස් නිළධාරින් පියවර ගැනුනේ ඒ අනුවයි.

එහිදී කිසියම් පුද්ගලයෙකු සැකකටයුතු බෑගයක් සගවන ආකාරය සී සී ටී වී දර්ශණවල සටහන්වී ඇති ආකාරය පොලිස් නිළධාරින්ට නිරික්ෂණය වනවා.

සුනඛයා විසින් කටින් සපාගෙන පැමිණ ඇත්තේ, සැකකරු විසින් සගවා තිබූ ගිණිඅවිය සහිත බෑගය බව තහවුරු කර ගත් පොලිසිය අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම ආරම්භ කළා.

අදාල සැකකරු අසල්වැසි නිවසක පදිංචිකරුවන් සමග පවතින ආරවුලක් හේතුවෙන් කිසියම් අපරාධයක් සඳහා මෙම ගිණිඅවිය රැගෙනවිත් ඇති බවට පොලිසිය සැක කරනවා.

සිදුවීමට ගිය භයානක අපරාධයක් කිසිඳු පුහුණුවක් නොමැති දඩාවතේ යන සුනඛයෙකු හේතුවෙන් වැළැක්වුනු බවයි කොළඹ දිසාව භාර උසස් නිළධාරියෙකු නිවුස් රේඩියෝවට කියා සිටියේ.