දිනපතා දුම්රිය ප්‍රමාදයක් – බළධාරින්ට කිව්වත් නිහඩ බවට දුම්රිය රියදුරන්ගෙන් චෝදනා

2019-12-15 at 06:51

දුම්රිය ධාවනකටයුතු දෛනිකව ප්‍රමාදවීමේ ගැටලුවක් හටගෙන ඇති බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සහ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු නිසියාකාරව සිදුනොවීම ඇතුලු කරුනු කිහිපයක් ඊට හේතුව බවයි.

දෛනිකව ප්‍රමාදවීමේ ගැටලුව දැඩිව බලපා ඇත්තේ කාර්යාල දුම්රියන් සහ දුරගමන්සේවා දුම්රියන් වලටයි.

දුම්රිය පරිපාලනය විසින් දුම්රිය රියදුරන්ට එරෙහිව පනවා ඇති අසාධාරණ කොන්දේසිද මෙම ප්‍රමාදයන්ට හේතුවී ඇති බවයි ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ.

මෙම ගැටලුව පිළිබඳ නව රජයේ ප්‍රවාහන අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇතත් මේ වනතෙක් කිසිඳු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් මෙය විසඳීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙස බළධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කළා.