දිවුලපිටිය – පෑලියගොඩ පොකුරේ සුවය ලැබූ සංඛ්‍යාව 10,000 ඉක්මවයි

2020-11-22 at 08:48

දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 10 000 ඉක්මවා ගොස් තිඛෙනවා.

එම පොකුරේ 10 දහස් 024 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.

මේ වනවිට එම පොකුරේ 6228 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.