දේශපාලනයෙන් සමු ගැනීම ගැන කෙහෙළියගෙන් ඉගියක්

2019-12-14 at 16:52

එළඹෙන මහ මැතිවරණයෙන් පසු අන්තවාදී පිරිස්වල සහයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නිර්මාණය කර ගැනීමට රජය සූදානම් වුවහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයේදී හිමි වූ ජන වරම රැක ගැනීමට සියලු දෙනා ක්‍රියා කළ යුතු බවයි.

මෙරට ස්විස් තානාපති කාර්යාලයේ නිළධාරිනියක් පැහැරගෙන යාමට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්ද රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.