නගෙනහිර ජැටිය වෙනුවෙන් වරාය සේවකයන් 9900 ක් හෙට සිට අකුරට වැඩ

2021-01-28 at 18:12

සැළසුම් කළ පරිදි හෙට (29) සිට වරාය සේවකයන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව වරාය වෘත්තීය සමිති අවධාරණය කරනවා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතුවලින් සියයට 49ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමේ රජයේ ස්තාවරයට විරෝධය පලකරමිනුයි අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට වරාය වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමින්වහන්සේ දැනුවත් කිරීම සදහා නැගෙනහිර පර්යන්තය සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් අද මහනුවරට පැමිණ තිබුණා.

මේ එහිදී මාධ්‍යයට අදහස් දැක්වූ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා.

නැගෙනහිර පර්යන්තය සුරකීමේ සටන යනු ජාතික අරගලයක් බවත් වරාය සේවකයින් 9900ක පිරිසක් හෙට දිනයේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට දායක වන බවත් නිරෝෂන් ගොරකානගේ මහතා සදහන් කළා.