නව ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන එන්නැයි අස්ගිරි පාර්ශවයෙන් රජයට ඉල්ලීමක්

2020-10-24 at 13:22

වත්මන් රජය බලයට ගෙනඒමට මහාසංඝරත්නය කළ කැපවීම සැළකිල්ලට ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මත කරගන්නා ලෙස අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලීමක් කරනවා.

අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමින් වහන්සේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් රජයෙන් ඉල්ලා සිටියේ සියලු ජන වර්ග සහ ජාතීන් අතර සමගිය ඇතිවන ආකාරයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එන ලෙසයි.

මහාසංඝරත්නය මග පෙන්වූ ආකාරයෙන් බැහැරව රජය ක්‍රියාකරන්නේනම් ඒ තුලින් භික්ෂූන් වහන්සේට චෝදනා එල්ලවිය හැකි බවත් එය අනාගතයේදී හානිදායක තත්වයක් වනු ඇති බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම දම්මානන්ද ස්වාමින් වහන්සේ අවධාරණය කළා.