නාපානේ පේමසිරි නාහිමිගේ ආදාහන පූජෝත්සවය අද

2020-11-22 at 06:17

අපවත් වී වදාල රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට නියමිතයි.

ඒ කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදියි. පසුගිය 17 වනදා අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 97 ක්.

ගෙවී ගිය දින කිහිපයේදීම දේශපාලනඥයන් සහ ආගමික නායකයන් රැසක් නා හිමියන්ගේ දේහයට අවසන් ගෞරව පුද කිරීමට පැමිණ තිබුණා.

මේ එහිදි අදහස් දැක්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක / නවීන් දිසානායක හා මර්වින් සිල්වා යන මහත්වරුන්

අයවැය විවාදයෙන් අනතුරුව ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහා නායක හිමියන් වෙනුවෙන් ශෝකය පළ කෙරුණා.

මේ එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.