නායයාම් අනතුරු ඇගවීම් නිවේදනය දීර්ඝ කරයි

2019-08-14 at 17:27

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි නිකුත් කළ නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර කුරුවිට ඇහැලියගොඩ ඇලපාත කිරිඇල්ල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹගමුව කොත්මලේ සහ නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවලටත් නායයාමේ පළමු අදියරේ අනතුරු ඇගවීම් නිකුත් කර තිඛෙනවා.

කැගල්ල දිස්ත්‍රීක්කයේ බුලත්කොහුපිටිය දැරණියගල යටියන්තොට ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවලටද නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිඛෙනවා.

කෙසේ වෙතත් අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ඉහලගිය ජල මට්ටම මේ වන විට ක්‍රමයෙන් අඩුවී ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිළි මහතා සඳහන් කළේ.