නැගෙනහිර ජැටිය සුරැකීමේ අරගලයට ගොවියන්ගේත් සහය

2021-01-28 at 13:39

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති අරගලයට සම්පූර්ණ සහය ලබාදීමට තීරණය කල බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

අද පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතායි මේ බව කියා සිටියේ.

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් රජයේ ප්‍රකාශ වල ඇති අපැහැදිලි බව පිළිබදව නාමල් කරුණාරත්න මහතා මෙලෙස සිය අදහස් පළ කලා.