නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක්

2021-01-28 at 16:56

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදෙස් රටකට පැවරීම මෙරට ජාතික ආරක්ෂාවටද බරපතල තර්ජනයක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කරනවා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි උන්වහන්සේ මේ බව සදහන් කළේ.

මේ අතර වරාය සේවකයන් හෙට සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතුවලින් සියයට 49ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමේ රජයේ ස්තාවරයට විරෝධය පලකරමින්.