නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද
2018-12-07 at 08:34

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රියේ පැවැත්වෙනවා. රාත්‍රී 7 ට ජනාධිපති නිළ නිවසේදී එය ආරම්භ වීමට නියමිතයි.
නිව්ස් රේඩියෝ කල විමසීමකදී නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික බණ්ඩාරනායක මහතා සඳහන් කලේ වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.