නිදහස් වෙන්න රන්ජන්ට ඇති එකම මාර්ගය ජනපති සමාව – ආණ්ඩුවේ වැරදි 138ක ලේඛණයක් විපක්ෂය අතේ

2021-01-20 at 07:33

වසර හතරක බරපතල වැඩ සහිත සිර දඩුවම් නියමවී සිටින රන්ජන් රාමනායක මහතාට ප්‍රජා අයිතියද සහිතව නිදහස ලබාගැනීමට ඇති එකම මාර්ගය ජනාධිපති පොදු සමාව පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

විශේෂ වෙළද භාණ්ඩ පනත යටතේ නියමයන් කිහිපයක් පිළීබදව ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුරයි මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාද ඊයේ පැවති විවාදයේදී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව වත්මන් ආණ්ඩුව සිදුකළ වැරදි 138 ක ලේඛණයක් තමන් සතුව පවතින බව සමගි ජනබලවේගයේ මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී මෙලෙස අනාවරණ කළා.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී අදහස් දැක්වුවා. වත්මන් රජය දේශීය සම්පත් විකුණා දමන බවට අසත්‍යය මතයක් සමාජගත කිරීමට විපක්ෂය උත්සහ කරමින් සිටින බවට අමාත්‍යවරයා එහිදී චෝදනා කලා.