නිරෝධායනය අවසන් කළ තවත් 66 ක් අද නිවෙස්වලට යයි

2020-10-18 at 09:00

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ තවත් 66 දෙනෙක් අද නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

මේ දක්වා නිරෝධායනය වී ඇති සමස්ථ සංඛ්‍යාව 53 දහස් 937 ක්.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 82 ක් තුල තවදුරටත් පුද්ගලයින් 9386 ක් නිරෝධායනයට ලක්වෙමින් සිටිනවා.

මේ අතර විදේශයන්හී සිට තවත් 26 දෙනෙකු අද උදාසන කටාර් හී සිට මෙරටට පැමිණියා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.