නිරෝධායනය නිමකළ තවත් 19 ක් නිවෙස් වෙත

2020-10-01 at 07:35

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන 3 කින් සාර්ථකව නිරෝධායනය අවසන් කළ තවත් 19 දෙනෙක් අද සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.

මේ වන විට නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව 47 දහස් 102 ක්. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 78 ක් තුල මේ වනවිට පුද්ගලයින් 7052 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වනවා.

මේ අතර තවත් විදෙස්ගත ලාංකිකයන් 332 දෙනෙක් අද අලුයම මෙරටට පැමිණියා. ඒ අබුඩාබි සිට 18 ක් / දෝහා කටාර් සිට 303 ක් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පුද්ගලයින් 11 ක් ලෙසින්.

ඔවුන් සියලු දෙනා නිරෝධායන කටයුතු සදහා යොමු කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.