නිරෝධායනය වූ තවත් 608ක් අද ගෙදර යයි

2020-09-17 at 07:14

කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනය සඳහා යොමුකර සිටින පිරිස අතරින් තවත් 608 දෙනෙකු අද (17) සිය නිවෙස් වෙත පිටත්වයාමට නියමිතව තිබෙනවා.

අද දිනය වනවිට පුද්ගලයින් 41861 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර නිවෙස් වෙත පිටත්වගොස් ඇති බවයි කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන 59ක් තුල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 6270ක්.

මේ අතර විදේශයන්හී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ රාත්‍රියේ සහ අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඕමානයේ සිට 280 දෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබූ අතර කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 35 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා.

පීසීආර් පරික්ෂණවලට යොමුකිරීමෙන් අනතුරුව මෙම ගුවන් මගීන් පිරිස නිරෝධායන සඳහා යොමුකර ඇති බවයි නිවුස් රේඩියෝ ගුවන්තොටුපල වාර්තාකරු කියා සිටියේ.