“නිවාර්” චන්ඩ සුළි කුණාටුවෙන් දිවයිනේ කාළගුණයට වන බලපෑම හෙට සිට අඩු වීමක්

2020-11-25 at 17:01

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදුු ප්‍රදේශයේ පවතින නිවාර් චන්ඩ සුළි කුණාටුව මගින් දිවයිනේ කාළගුණයට වන බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඉදිරි පැය 36 ක කාලය තුළ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස 02 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නෙ.

ඒ අනුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණූ මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.