“නිවාර්” සුළි කුණාටුව කන්කසන්තුරයට කිලෝ මීටර් 325 ක් දුරින්

2020-11-24 at 12:33

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට නිවාර් නම් සුළි කුණාටුව දක්වා වර්ධනය වී තිබෙනවා.

එය මේ වනවිට කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර් 325 ක් දුරින් මුහුදේ ස්ථානගතව පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ඉදිරි පැය 24 ක කාලය තුළ එය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකියි.

ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.