නිවෙස් අසල ගැවසෙන අසාමාන්‍ය හැසිරීම් ඇති සතුන් ගැන අවධානයෙන් ඉන්න

2020-10-01 at 11:58

RABIES DOG FOX

වනජීවීන් හරහා ජලභීතිකා අවධානම පැතිරයාමේ යම්කිසි අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය ඒකකය පවසනවා.

පසුගිය දින කිහිපයේම දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වනජීවීන් සපාකෑම නිසා රෝහල් ගත වීමේ සිද්දී සහ මරණ කිහිපයක් වාර්තා වීමත් සමග මෙම ජල භීතිකා අවධානම පිළිබද සමාජයේ දැඩි අවධානය යොමු වුණා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පශු වෛද්‍ය ඒකකයේ අධ්‍යකෂ වෛද්‍ය එල්.ඩී.කිත්සිරි මහතාගෙන් නිවුස් රේඩියෝව විමසීමක් කලා.

එහිදී ඔහු පවසා සිටියේ මෙම සිද්ධියේ අවධානම අවම කරගැනීම සදහා මේ වනවවිටත් දිවයින පුරා ජල භීතිකා එන්නත් ලබාදීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කර ඇති බවයි.

තම නිවාස අසලට පැමිණෙන අසාමාන්‍ය හැසිරීම් දක්වන සතුන් පිළිබද අවධානයෙන් සිටින්නැයි වනාන්තර පවතින ප්‍රදේශ වල ජීවත් වන ජනතාවට එල්.ඩී.කිත්සිරි මහතා උපදෙස් ලබා දෙනවා.

මේ අතර අසාමාන්‍ය හැසිරීම් දක්වන සතෙකුගේ ප්‍රහාරයට ලක්වූ අවස්ථාවකදී ගතයුතු ඉක්මන් ප්‍රතිකාර පිළිබදවත් සෞඛ්‍ය හා පශු වෛද්‍ය ඒකකයේ අධ්‍යකෂ වෛද්‍ය එල්.ඩී.කිත්සිරි මහතා නිවුස් රේඩියෝවට මෙලෙස අදහස් පළ කලා.