නුරිය වත්තේ තුනකට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට

2019-11-16 at 20:21

දැරණියගල නුරියවත්ත ප්‍රදේශයේදී පුද්ගලයින් තුන් දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 11 යි 55 ට පමණ ඡන්දය ප්‍රකාශ කර පැමිණෙමින් සිටි පුද්ගයින් තුන් දෙනෙකුගෙන් ඡන්දය ප්‍රකාශ කළේ කාහටදැයි විමසමින් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබු පුද්ගලයින් දැරණියගල රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් එක් අයෙකු වැඩිදුර ප්‍රථිකාර සඳහා කරවනැල්ල රෝහලට මාරු කර තිබෙනවා.

ඔවුන් නුරියවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 / 36 සහ 66 වන වියෙහි පසුවන තැනැත්තන් වනවා. මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ද නුරියවත්ත ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 17 සහ 34 වන වියෙහි පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.

සැකකරුවන් හෙට අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. දැරණියගල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.