නුවන් සොයිසා ICC දූෂණ චෝදනා 03 කට වරදකරු වෙයි

2020-11-19 at 16:17

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන චෝදනා 03 කට වරදකරුවී තිබෙනවා.

2018 වසර් නොවැම්බර් මාසයේදී ඔහුට එරෙහිව චෝදනා ගොණු කෙරුණු අතර ස්වාධීන විමර්ශන මණ්ඩලයක් විසින් සිදුකල පරීක්ෂණයට අනුවයි ඔහු වරදකරු බවට පත්වී ඇත්තේ.

නුවන් සොයිසාට තවදුරටත් තරග තහණමක් ක්‍රියාත්මක වන අතර පණවන දඩුවම් කවරේද යන්න ඉදිරියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

තරග පාවාදීමක් සම්බන්ධයෙන් තොරතුරු දැනුවත්ව ඒ පිළිබඳ බළධාරීන් දැනුවත් නොකිරීම ඇතුලු චෝදනා කිහිපයක් නුවන් සොයිසාට එල්ලවී තිබෙනවා.