පහත දැමූ වැට් බදුවල ප්‍රතිලාභ ඉදිරියේදී ජනතාව වෙත

2020-11-26 at 18:27

රජය විසින් පහත දැමූ වැට් බදුවල ප්‍රතිලාභ ඉදිරිකාලයේදී ජනතාව වෙත ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ පොදුජන සන්ධානයේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අඩු වූ වැට් බදු වාසිය ජනතාව වෙත ලැබී නොමැති බවට වන චෝදනාවටද වාසුදේව නානායක්කාර මහතා ප්‍රතිචාර දැක්වූවා.

මෙම මාධ්‍ය හමුවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද එක්ව සිටියා.

කොරෝනා වසංගතය සාර්ථකව ජයගනිමින් රට සංවර්ධන මාවතට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.