පහරදීම් – රිය අනතුරු – මරණ 7 ක්

2019-04-16 at 08:53

රිය අනතුරු සහ පුද්ගල පහරදීම් හේතුවෙන් ඊයේ දිනය තුල පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිඛෙනවා.

ඉන් එක් පුද්ගල ඝාතනයක් ඊයේ පස්වරුවේ වාර්තා වුනේ ඉපලෝගම ප්‍රදේශයෙන්. ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ කැට ගසමින් සිටි දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයෙකුට පොල්ලකින් හිසට පහරදීම හේතුවෙන් එම ඝාතනය සිදුව තිබුනා. තුවාලකරු සේනපුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි බවයි අනාවරණ වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මැදගම නිකදලුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක අයෙක්. මෙම පහරකෑමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඝාතනය සිදුකල බව කියනන සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කලේ.

පහරදීම සදහා ඔවුන් භාවිත කල පොලුද පොලිසිය විසින් සොයාගෙන තිඛෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවන්නේ ඉපලෝගම පොලිසියයි.

මේ අතර කොලොන්න ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එල්ල කල ප්‍රහාරයකින් සංගීත ප්‍රසංගයක් නැරඹීම සදහා යාමට සූදානම්ව සිටි වයස අවුරුදු 17 ක තරුණයෙකු මියගොස් තිඛෙනවා. ඊයේ පස්වරුවේ මෙම ප්‍රහාරය සිදුව ඇති බව සදහන්. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර ඔහු රෝහලගතව ප්‍රතිකාර ලබනවා.

මියගිය තරුණයාගේ මෘත ශරීරය කොලොන්න රෝහලේ තැන්පත් කර ඇති අතර සැකකරු මෙතෙක් හදුනාගෙන නැහැ. සිද්ධිය සම්බන්දයෙන් කොලොන්න පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.

මේ අතර කොලොන්න / වරකාගොඩ / රුවන්වැල්ල අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ වැන්දල සහ මාවතගම ප්‍රදේශවල ඊයේ දිනය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 5 දෙනෙකුද මියගොස් තිඛෙනවා.

Please follow and like us: