පළාත් කිහිපයකට අදත් වැසි

2019-04-10 at 17:21

සබරගමුව/ මධ්‍යම සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් ඉදිරි පැය කිහිපයේදී ප්‍රභල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වලඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇති විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල පැයට කිලෝමීටර 70ත් 80ත් අතර කෙටිකාලීන තද සුළංද ඇති විය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.