පළාත් කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

2019-03-23 at 14:36

සබරගමුව / දකුණු / මධ්‍යම සහ බස්නාහිර පළාත්වල අද පස්වරුවේ අකුණු සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග එම ප්‍රදේශවල පැයට කිලෝමිටර 70ත් 80ත් අතර තද සුළංද ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ දැක්වෙනවා.

 

Please follow and like us: