ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

2020-10-26 at 09:39

උතුරු මැද – නැගෙනහිර හා ඌව පළාත්වලත් මුලතිව් – වව්නියාව හා මාතලේ දිස්ත්‍රික්වලත් අද පස්වරු දෙකෙන් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු මැද පළාතේ හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදි අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.