ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

2020-10-01 at 07:45

බස්නාහිර / සබරගමුව / මධ්‍යම හා දකුණු පළාත්වල අද දින වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

උතුරු – උතුරු මැද හා වයඹ පලාත්වලත් ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්වලත් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් වරින් වර හමන පැයට කිලෝමිටර් 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.