ප්‍රදේශ කිහිපයක අද හා හෙට වැසි වැඩිවෙයි
2021-01-19 at 06:50

උතුරු -නැගෙනහිර – හා උතුරු මැද පළාත්වල දැනට පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද හා හෙට දිනවල අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සබරගමුව / ගාල්ල හා මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
