පානදුර කෙසෙල්වත්ත වෙඩි තැබීමට අදාළ T-56 ගිනි අවිය හමුවෙයි
2021-01-28 at 18:10

පානදුර කෙසෙල්වත්ත ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අදාළ ටී-56 වර්ගයේ ගිනි අවිය සොයා ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ පානදුර වඳුරම්මුල්ල ප්රදේශයේ සුසාන භූමියක සගවා තිබියදී අදාළ ගිනි අවිය සහ උණ්ඩ 16 ක් සොයාගෙන ඇති බවයි.
පසුගිය සඳුදා සිදුවූ වෙඩි තැබීමෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු ගමන් කල ත්රී රෝද රථයේම සිටි අයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පසුගියදා අත්අඩංගුවට ගැණුනා.
