පාන් ගෙඩිය පරණ මිලටම

2019-09-12 at 16:22

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 2කින් වැඩි කිරීමට පසුගියදා ගත් තීරණය අද මධ්‍යම රාත්‍රීයේ සිට අවලංගු කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙර පැවති මිලට පාන් ඇතුලු බේකරි නිෂ්පාදන අලෙවිය සිදුකරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා නිවුස් රේඩියෝවට සඳහන් කළේ.