225 කියන්නෙ මුළු රටමයි – ජනපතිට එජාපයෙන් පිළිතුරක්

December 6, 2018

පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් අනුමැතිය ලබාදුන්නත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කල ඉතා බරපතල ප්‍රකාශයක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහමන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇහුම්කන් නොදීම යනු රටේ ජනතාවට ඇහුම්කන් නොදීම බවයි.

ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යටපත් කරමින් ජනාධීපතිවරයා කටයුතු කරන බවටද හර්ෂණ රාජකරුනා මහතා මෙහිදී චෝදනාවක් එල්ල කළා.